― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවරායේ රඳවා ගත් සහල් කිලෝ දස ලක්ෂයක් නිදහස් කෙරේ

වරායේ රඳවා ගත් සහල් කිලෝ දස ලක්ෂයක් නිදහස් කෙරේ

වසර ගණනාවක් තිස්සේ විවිධ හේතූන් නිසා වරායේ රඳවා ඇති බහාලුම්වල අඩංගු සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් කන්ටේනර් 79ක මෙම සහල් තොගය රඳවාගෙන තබා ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

තවද මෙම හමුවේදී අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ දැනට රේගුව මගින් කොළඹ වරායේ රඳවා තබා ඇති කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදා හැරීමටයි.

වරායේ පවතින අධික තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මෙම කන්ටේනර්වල සහල්වලට අමතරව කරුංකා සහ කහ තොග විශාල වශයෙන් පවතින බවත් ඒවා ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ මුදා හැරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.