― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුණ දෙන භයානකම දශකය මෙය විය හැකියි

දෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුණ දෙන භයානකම දශකය මෙය විය හැකියි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ දෙන භයානකම දශකය බොහෝ විට මෙය විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා මොස්කව් නුවර ඊයේ පැවති විශේෂ දේශනයකදී මේ බව සඳහන් කර ඇති අතර, එම දේශනයේ දී යුක්‍රේනයේ සිදුකරන මෙහෙයුම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා ඇති බව ද සඳහන්.

මෙහිදී බටහිර රාජ්‍යන් විසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයන් පිළිබඳව බලහත්කාරකම් සිදුකරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳව තම රට විසින් ප්‍රබල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, බටහිර නායකයින් සිදුකළ ප්‍රකාශවලට ඉඟි පළකිරීම පමණක් සිදුකර ඇති බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්.