― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලබන 08 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ලබන 08 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

එළැඹෙන 08 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම චන්ද්‍රග්‍රහණය ආසියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ. මෙම චන්ද්‍රග්‍රහණය මෙරට සම්මත වේලාවෙන් පස්වරු 1.32ට ආරම්භ වී ග්‍රහණ උපරිමය පස්වරු 4.29ටත් ග්‍රහණ අවසානය රාත්‍රී 7.26ටත් සිදුවන බවයි නිර්ණය කර ඇත්තේ.

නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට මෙම සිදුවීමේ අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි වනවා. පියෙවි ඇසට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණ අවධිය පස්වරු 6.19ට අවසන්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කර සිටියා.

මෙම වසරේ දැකගත හැකි අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර, එය පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හඳුන්වනු ලබනවා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලෝකවාසීන්ට දිස්වනුයේ 2025 වසරේ මාර්තු 14 වන දිනයි.