මේ වනවිට බිත්තර තොග ලැබීමේ අඩුවක් පවතින බවත් මෙම තත්ත්වය හමුවේ ලබන වසරේදී මෙරට බිත්තර හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවත් සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.
මීට හේතුව ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ සත්ත්ව ආහාර ආනයනය කිරීම අඩුවීම සහ පැවති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නිෂ්පාදකයින් සිය කර්මාන්තයෙන් ඉවත්වීමයි.
මේ හේතුවෙන් බිත්තර මිල යළිත් ඉහළ යමින් පවතින බවක් දක්නට ලැබේ. බිත්තරයක් රුපියල් 50ක උපරිම මිලකට යටත්ව අලේ කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවද ඇතැම් වෙළඳසැල්වල රුපියල් 53කටත් වැඩි මිලකට බිත්තරයක් අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති.