ගාල්ලේ හිටපු දේශපාලකයකු සහ ප්‍රසිද්ධ කපුවෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරංගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ කෝටි ගණනක මූල්‍ය වංචා හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ කොළඹ කොටුව රිට්ස් කාල්ටන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන අතර සිදුවූ බව කියන දුරකථන සංවාදවල ඔහුගේ නම සඳහන් වීම හේතුවෙනි.
ජානකි සිරිවර්ධනගේ දරුවාට පවතින අපල උපද්‍රව නැති කිරීමට බව පවසමින් ඔහු රුපියල් කොටි 6කට අසන්න මුදලක් ලබාගෙන ඇති බව දැනට සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ. එමෙන්ම ඔහු බලගතු ශාන්ති කර්මයක් සිදුකරන බව පවසා ජානකීගෙන් රුපියල් කෝටි තුනහමාරක මුදලක් ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.
මෙම රත්තරන් නැමැත්තා කලක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ අතර ඉන්පසු මහින්ද රාජපක්ෂට සහය පළ කිරීම සඳහා පොදු ජන පෙරමුණ සමඟ එක්ව දේශපාලන ක්‍රියාකරකම්වල නිරත විය.


