පසුගිය සැප්තැම්බර් 20 වැනිදා මෙරට වරාය ආසන්නයට සේන්දු වූ බොරතෙල් නෞකාව තවමත් වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ.
අදට එම නෞකාව දිවයිනට සේන්දු වී දින 53ක් වන අතර වසර 53ක කාලයට මේ ආකාරයෙන් බොරතෙල් නෞකාවක් ගොඩබෑමකින් තොරව තබන ප්රථම අවස්ථාව මෙය බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.
රුසියන් සමාගමක් වන ‘එක්පෝ’ සමාගමකට අයත් මෙම බොරතෙල් නෞකාවේ බොරතෙල් මෙට්රික් ටොන් 99,000ක් අන්තර්ගත වන අතර මෙහි ප්රමාද ගාස්තු ලෙස ඩොලර් හැත්තෑ නව ලක්ෂයකට අධික මුදලක් අමතර මුදලක් ගෙවීමට සිදු වී තිබේ.


