26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළඳපොළේ අල - ලූණු මිල ඉහළට

වෙළඳපොළේ අල – ලූණු මිල ඉහළට

වෙළඳපොළ තුළ අද දිනය වන විට ලූණු සහ අර්තාපල්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දේශීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 340ත් 350ත් අතර මිලකට අලෙවි වන අතර ආනයනික ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285ත් 290ත් අතර අගයක් ගන්නා බවයි වෙළෙන්දන් පවසන්නේ.

ඊට අමතරව දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 360ත් 380ත් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ආනයනික අර්තාපල් මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඒ අනුව පාකිස්කාන අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 190ත් අතර මිලක් ගන්නා අතර චීන අර්තාපල් කිලෝවක මිල රුපියල් 210ත් 220ත් අතර අගයකින් මිල ඉහල ගොස් තිබෙනවා. රතු ලූණු කිලෝවක මිල ද රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.