මිල්ලනිය ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිනියට සහ පොලිස් නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ, සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින බවයි.
අදාළ නඩුව යළිත් ජනවාරි 18 වැනිදා කැඳවීමට නියම කළේය.