මෙරට ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අධි බර සහ ස්ථුලතාව අඩු වී ඇති බව හෙළි වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණ වී ඇත්තේ. ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය විශාල ලෙස පහත වැටීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
එම සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ වියදම් ඉහළ යාම හමුවේ ක්ෂණික ආහාර ලබා නොගැනීම, පැණි බීම භාවිතය අඩු කිරීම මෙන්ම කෙටි ගමන් සඳහා කුලී රථ යොදා නොගැනීම වැනි කටයුතු පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි.
දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශ 105ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.