― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලිට සහය දුන් ජනප්‍රිය රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලිට සහය දුන් ජනප්‍රිය රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ ගනුදෙනුවලට සම්බන්ධ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවෙකු බන 20 වනදා තෙක් රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල පාර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි රූපලාවණ්‍යාගාර හිමිකරුවකු වන ප්‍රියන්ත කුමාර නමැති අයෙක් බවයි වාර්තා වන්නේ. තිළිණි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුණා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

එක්සත් රාජධානියේ රැකියාවක නියුතු මෙරට ව්‍යාපාරිකයෙකු විසිනුයි මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබුණේ.