― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව ලබන වසරේ

ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව ලබන වසරේ

ලබන වසරේ අප්‍රේල් මස 15 වැනිදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අඟුරු නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.

එම සංගමයේ සභාපති, නිහාල් වීරරත්න අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් රටට අවශ්‍ය වුවත් මේ වනවිට රටට ලැබී ඇත්තේ නැව් 04ක් පමණක් බවයි.

මෙම නැව් 38 අප්‍රේල් 15 වනවිට ලබා නොගන්නේ නම් ලබන වසරේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වන විට විශාල විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් 2023 දී කළුවර ජූලියක් පැමිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.