ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 100කින් ඉහළ නංවා තිබේ.
මෙම බදු සංශෝධනය පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකය.
ඒ අනුව ආනයනික ටින් මාළු සඳහා මීට පෙර රුපියල් 100ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 200ක් දක්වා ඉහළ යන බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.