ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඔවුන් දෙදෙනා අතර පමණක් පෞද්ගලිකව මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එය පැය එකහමාරකට වැඩි කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.
එහිදී රටේ වත්මන් තත්ත්වය, දේශපාලන වාතාවරණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ.
බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.


