29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියගිය සත්ත්වයින්ගේ හිමිකරුවන්ට වන්දි මුදලක්

මියගිය සත්ත්වයින්ගේ හිමිකරුවන්ට වන්දි මුදලක්

අධික ශීත කාලගුණය හේතුවෙන් මියගිය සත්වයින්ගේ හිමිකරුවන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා අද (12) සාකච්ඡාවක් පැවැත්වෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම් ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්නැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල සඳහන් කළේ, පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.

පසුගිය 08, 09 දෙදින උතුරු – නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක ගවයින් සහ එළුවන් 1000කට අධික ප්‍රමාණයක් මිය යෑමේ සිද්ධීන් වාර්තා විය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම මරණවලට හේතුව පැවති අධික ශීත කාලගුණය බවට සැක කරන බවයි.