‘ස්පා’ හෙවත් සම්භාහන මධ්‍යස්ථාන නමින් මෙරට ක්‍රියාත්මක වන ආයතන පිළිබඳ සොයා බැලීම සඳහා සෘජු නියාමන ආයතනයක් නොමැති වීම විශාල ගැටලුවක් බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේරත්න පැවසීය.
කිසිදු ස්පා ආයතනකට හෝ සම්භාහන මධ්‍යස්ථානයකට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් අවසර ලබා නොදෙන බවත් පාසැල් හා උපකාරක පන්ති අසළ විශාල වශයෙන් පවත්වාගෙන යන ස්පා ආයතන සම්බන්ධයෙන් මව්පියන්, විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ගෙන් නිතර පැමිණිලි ලැබෙන බවත් කොමසාරිස්වරයා අවධාරණය කළේය.
“තමන්ට ගෙදරින් ලැබිය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය සියලු දේ අහිමි වුණාට පස්සේ මුදලට මේ වගේ දේවල් සොයාගෙන යාමක් තමයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. තව කාරණයක් තියෙනවා උදාහරණයක් තමයි අපේ සමහර කුලී රථ රියදුරු මහත්වරුන්ට ලොකු වෙලාවක් ලැබිලා තියෙනවා නිකන් ඉන්න. පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරන වාහනවල රියදුරුවරු, සමහර විට ඒ මහත්වරු අපිට ප්‍රායෝගිකව දැනිලා තිබෙනවා මෙන්න මේ අයගේ කාලය කලමනාකරණය කර ගන්න එක්කෝ මේ සම්බාහන ආයතනයක් කරා යොමු වීම. එහෙම නැත්තම් ඒකේ සේවාසපයන්නෙක් බවට පත් වීම.“


