පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම සමාගමට නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අවලංගු කරමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි.
ඒ අනුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති බව ශ්‍රී ලංකා මග බැංකුව පවසයි.


