26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහංවැල්ලේ හෝටල් හිමිකරුට මරු කැඳවූ වෙඩි තැබීම

හංවැල්ලේ හෝටල් හිමිකරුට මරු කැඳවූ වෙඩි තැබීම

නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් හංවැල්ල ආපනශාලා හිමිකරුවෙකුට වෙඩි තබා තිබේ.

ඊයේ (18) රාත්‍රියේදී මොවුන් දෙදෙනා විසින් ආපනශාලා හිමිකරුට වෙඩි තබා ඇති අතර එම පුද්ගලයා මියගොස් ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. එම පුද්ගලයා ආපනශාලාව තුළ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.