27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් ඇරෙයි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් ඇරෙයි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

විවෘත කර ඇති ජල දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 3750 ක් කලාඔයට මුදා හැරෙන බවද වාරිමාර්ග නිලධාරීන් සඳහන් කරයි. මෙම තත්ත්වය නිසා කලාඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් පසුගිය 20 වැනිදා සවස විවෘත කර තිබුණි. 21 වැනිදා පෙරවරුව වන විට විවෘත කර තිබූ ජල දොරටු වසා දමා ඇති බවද ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් අවධාරණය කළේය.