26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාලවයස්කාර සිසුවියක් පැහැරගත් තරුණයෙක් අත්අඩංගුවට

බාලවයස්කාර සිසුවියක් පැහැරගත් තරුණයෙක් අත්අඩංගුවට

පරිවාස හා ළමා ආරක්ෂක සේවා අධිකාරිය යටතේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක් පැහැර ගත් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදාළ තරුණයා ත්‍රිරෝද රථයකින් මෙම සිසුවිය පැහැර ගෙන යමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

15 හැවිරිදි සිසුවිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටියදී තරුණයෙකු අතින් අපයෝජනයට ලක්ව ඇති අතර පසුව අධිකරණ නියෝගයක් අනුව පරිවාස හා ළමා ආරක්ෂක සේවා අධිකාරිය භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයා මෙම සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බවත් පසුගිය 22 වැනිදා ඔහු ඇය පැහැර ගෙන ගොස් ඇති බවති පොලීසිය සඳහන් කළේය.