24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති 6 – 8 කාලය තුළ යුරෝපයෙන් අඩකට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය වැළදෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

වෛද්‍ය ආචාර්ය හාන්ස් ක්ලූගේ සඳහන් කළේ මේ වසරේ පළමු සතියේ යුරෝපය පුරා වාර්තා වූ නව රෝගීන් මිලියන 7 මෙම ප්‍රක්ෂේපනයට පදනම වී ඇති බවයි. ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 2,721,230ක් වාර්තා වී තිබේ.

ඊයේ ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් 629,389 වාර්තා වී ඇති අතර මරණ 2108ක් සිදුව ඇත.

එමෙන්ම ප්‍රංශයෙන් ආසාදිතයින් 368,149ක් වාර්තා වී ඇති අතර ඉතාලියෙන් ආසාදිතයින් 220532ක් වාර්තා වෙයි. අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 185112ක් වාර්තා වී තිබේ.