29.4 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති 6 – 8 කාලය තුළ යුරෝපයෙන් අඩකට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය වැළදෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

වෛද්‍ය ආචාර්ය හාන්ස් ක්ලූගේ සඳහන් කළේ මේ වසරේ පළමු සතියේ යුරෝපය පුරා වාර්තා වූ නව රෝගීන් මිලියන 7 මෙම ප්‍රක්ෂේපනයට පදනම වී ඇති බවයි. ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 2,721,230ක් වාර්තා වී තිබේ.

ඊයේ ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් 629,389 වාර්තා වී ඇති අතර මරණ 2108ක් සිදුව ඇත.

එමෙන්ම ප්‍රංශයෙන් ආසාදිතයින් 368,149ක් වාර්තා වී ඇති අතර ඉතාලියෙන් ආසාදිතයින් 220532ක් වාර්තා වෙයි. අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 185112ක් වාර්තා වී තිබේ.