මෙම වසරේ සිට QR කෝඩ් සහිත නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා සඳහන් කළේ මේ අනුව මේවන විට පවතින රියදුරු බලපත්‍ර වර්ග 4 එකම රියදුරු බලපත්‍රයක් වශයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් මත පසුගිය වසර අවසානයේ ලැබුණු කැබිනට් අනුමැතිය මත පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව රියදුරුන් 75 දෙනෙකුට රියදුරු පුහුණු බලත්‍ර ලබාදී එම කටයතු අධීක්ෂණය කළ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියාසිටියේ.
එම අධීක්ෂණයේ ප්‍රතිඵල මත ලබන මාර්තු මාසයෙන් පසු මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.
උදාවූ නව වසරේ සිට රියදුරු කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කෙරෙන අතර මේවන විට මෙම නව ක්‍රමවේදය ඇතුලත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් සියලු කටයුතු සැලසුම් කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළා.


