― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඕමානයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 6ක් දිවයිනට

ඕමානයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 6ක් දිවයිනට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ඇති සුරක්‍ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් 6 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් යළි දිවයිනට පැමිණ තිබේ.

ඕමානයේ සුරක්ෂා නේවාසිකාගාරයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලුව විසඳීම සඳහා දෙසැම්බර් 24 වැනිදා කාන්තාවන් 8 දෙනෙකු ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

මීට අමතරව ඕමානයේ අතරමංව සිටින තවත් පුද්ගලයින් 18 දෙනෙකු ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දුන්නා.