― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෝටර් රථ මිල සම්බන්ධයෙන් පණිවිඩයක්

මෝටර් රථ මිල සම්බන්ධයෙන් පණිවිඩයක්

කොරෝනා වසංගතය හේතුවෙන් නිෂ්පාදනය අඩුවූ මෝටර් රථ ක්ෂේත්‍රය 2023 වසරේදී ද යථා තත්ත්වයට පත්වීමේ අවස්ථාව අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසර අවසානය වනවිට භාවිත කරන ලද මෝටර් රථ මිලද සීඝ්‍රයෙන් පහළගොස් ඇති බවත් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෝටර් රථ සඳහා හොඳ මිලක් ලබාගැනීමට බොහෝ සමාගම්වලට හැකිවුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෝටර් රථ ලීසිං පහසුකම් මත ලබාගැනීමේදී ගෙවිය යුතු පොලී ප්‍රමාණයද ඉහළ ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් ඇතැම් සමාගම් විසින් නිෂ්පාදන ප්‍රමාණය පහළ දැමීම සඳහා විවිධ පියවර ගෙන තිබෙන බවත් සඳහන්.