― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආර්ථික අර්බුද මැද වුණත් මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීම රජයේ වගකීමක්

ආර්ථික අර්බුද මැද වුණත් මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීම රජයේ වගකීමක්

කෙතරම් ආර්ථික අර්බුදයකට රට වැටී තිබුණද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම රජයේ වගකීමක් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

2022 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඉදිරි මැතිවරණ සඳහා 16,856,629 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

අධිකරණ නියෝගයෙන් මැතිවරණය නතර නොකළහොත් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මැතිවරණය කල් දැමීම ජාතික මැතිවරණ කොමිසමේ වගකීමක් නොවන බවත් මැතිවරණය කල් දැමීම ජාතික මැතිවරණ කොමිසමේ වගකීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.