― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsඇමරිකාව ඇතුළු රටවල් 06කින් බිත්තර ආනයනය කිරීමට අවසර

ඇමරිකාව ඇතුළු රටවල් 06කින් බිත්තර ආනයනය කිරීමට අවසර

ඉන්දියාවේ කුරුළු උණ රෝගය පැතිර යාම හේතුවෙන් එරටින් බිත්තර ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල පැවසුවාය.

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ පවතින කුරුළු උණ හේතුවෙන් එම රටවලින් බිත්තර ආනයනය කිරීමට කිසිදු හේතුවක් මත අවසර දිය නොහැකි බවයි ඇය කියා සිටියේ.

අවශ්‍ය නම් කුරුළු උණ නොමැති ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව වැනි රටවලින් බිත්තර ආනයනය කිරීමට කිසිදු තහනමක් නොමැති බවද ඇය පැවසීය.