― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසේවක හිඟයෙන් සීමා නිර්ණය ප්‍රමාද වෙනවා

සේවක හිඟයෙන් සීමා නිර්ණය ප්‍රමාද වෙනවා

නිලධාරින්ගේ පවතින හිඟය නිසා මැතිවරණ සීමා නිර්ණය කිරිමේ කාර්ය බාරය ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සීමා නිර්ණය කිරීමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය අමතමිනි.

සීමා නිර්ණය කිරිමේ කටයුතු අපි කරගෙන යනවා. ඒක මේ ඡන්ද විමසීමට බලපෑමක් නැහැ. අපි බලාපොරොත්තු වුණා ඒ කටයුත්ත පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කරන්න. නමුත් අපට ප්‍රශ්න කිහිපයක් ඇවිත් තිබෙනවා. මේ ජනවාරි පලවෙනිදා ඉඳලා දිසාපතිවරු හත් දෙනෙකුට උසස්වීම් ලැබිලා තවත් සමහරුන් විශ්‍රාම ගිහින් තිබෙනවා. සංඛ්‍යාලේඛන නිලධාරින් 17 දෙනෙක් ස්ථාන මාරු කොට තිබෙනවා. කමිටුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මිනුම් අධිකාරිවරුන් 10 දෙනෙක් පමණ ස්ථාන මාරු වී තිබෙනවා.

ඒ වගේම මැතිවරණ නිලධාරින්ට මේ පළාත් පාලන මැතිවරණ රාජකාරි පැවරිලා තිබෙනවා. ඒ නිසා සීමා නිර්ණ කටයුතු ප්‍රමාද වෙනවා. ඒ නිසා අපි හිතනවා මාර්තු 31 වත් අමාරුවෙන් හෝ මේ වැඩේ ඉවර කරන්න පුලුවන් වෙයි කියලා.