― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට සහය දෙන්න එකඟ වෙයි

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට සහය දෙන්න එකඟ වෙයි

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්.

ඒ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර පැවති සාකච්ඡාවකදීයි.

යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය දීමට හැකි බවත් තානාපති ක්ෂේත්‍රය ද ඩිජිටල්කරණයට ලක් විය යුතු නව ක්ෂේත්‍රයක් බවත් මෙරට සිටින ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා මෙහිදී සඳහන් කළා.

එහිදී අමාත්‍යාංශය යටතේ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් තානාපතිවරයා දැනුම්වත් කර ඇති අතර කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීමේ දී ස්විස්ටර්ලන්තයේ බොහෝ කටයුතු ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර තානාපති ක්ෂේත්‍රයේ කටයුතුද ඩිජිල්කරණයට ලක් කිරීම නව ප්‍රවණතාවයක් බවත් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

විදේශ ගත ශ්‍රමිකයන්ට දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීමෙන් අනතුරු ව සියලු ශ්‍රමිකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන සදහා ස්විසටර්න්තයේ අත්දැකීම් සහ දායක්තවය ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමටයි තානාපතිවරයා එකඟතාවය පළ කළේ. සංහිදියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා තානාපතිවරයාට කරුණු දැක්වූ අතර එම පියවර තානාපතිවරයාගේ ඇගයීමට ද ලක්වී තිබෙනවා.