― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිදේශ ඇමති ලබන සතියේ සෞදි අරාබියේ නිල සංචාරයක

විදේශ ඇමති ලබන සතියේ සෞදි අරාබියේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ලබන 23 වනදා සිට 27 වනදා දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුවයි.

අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර, එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.

අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතයි.