27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීට ගෙවල් හයක් අයිතියි? - පේෂල ජයරත්න

මෛත්‍රීට ගෙවල් හයක් අයිතියි? – පේෂල ජයරත්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පොළොන්නරුවේ ඇත්තේ නිවාස තුනක් පමණක් බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පැවසීය.

මීට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹින් නිවාස 2ක් සහ ගම්පහින් එක් නිවාසයක් ඇති බවද හෙතෙම පැවසීය.

මෙම නිවාස ඔහුගේ නමින් නොව තම හිතවතුන්ගේ ඥාතීන්ගේ නම්වලින් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති මානව හිමිකම් නඩුවේ තීන්දුවට අනුව හිටපු ජනාධිපතිවරයාට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියෝග කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු ඉහත ප්‍රකාශ කළේය.