75 වන නිදහස් සමරු උත්සවය සදහා සහභාගී නොවීමට වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ තීරණය කර තිබෙන බව වාර්තා වේ.
සිය ප්රජාවගේ නිදහස මේ වන විට දැඩිව සීමාකොට ඇති බවටයි වැදි නායකයා චෝදනා කරන්නේ. පෙරහැර කාලයට අලි ඇතුන් එළියට ගන්නවා මෙන් රජය විවිධ උත්සව සඳහා සහභාගී කරවා ගැනීමට වැදි ප්රජාව කැදවන බව පවසන වැදි නායකයා ඉන් පසුව ඔවුන් සිටිනවාද නැද්ද කියාවත් කිසිවෙකු සොයා නොබලන බවයි පවසන්නේ.
තම ප්රජාවගේ පැත්තෙන් බැලූ විට නිදහස යනු දිනාගැනීමට ඇති දෙයක් බව වැදිනායකයාගේ අදහසයි.