30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී බදු සංශෝධනය කරනවා - නාමල් රාජපක්ෂ

ඉදිරියේදී බදු සංශෝධනය කරනවා – නාමල් රාජපක්ෂ

ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බදු පිළිබඳව අපිටත් චෝදනා තිබෙනවා. බදු ප්‍රමාණය වැඩියි. හැබැයි එදා අරගල කළේ බදු අයින් කළේ ඇයි කියලා අහලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනාව. අද බදු දාලා තියෙනවා. කොහොම වුණත් මේ කාරණාවලදී ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැනගන්න ලැබුණා ඉදිරි කාලසීමාව තුළ යම් සංශෝධනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. සමහර ක්ෂේත්‍රවල. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි.