30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්නපුරේ 5ට අඩු දරුවන් 1,336කට උග්‍ර මන්දපෝෂණය

රත්නපුරේ 5ට අඩු දරුවන් 1,336කට උග්‍ර මන්දපෝෂණය

රත්නපුර දිස්ත්‍රික්කය තුළ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් 1,336 දෙනෙකු වාර්තා වී ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ඩබ්ලිව්.පී. සමන් තිලක පැවසීය

හෙතෙම මේ බව පවසා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කරුණු දක්වමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඒ අතරින් ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් 838 දෙනෙකු වාර්තා වී ඇති බවත් එම දරුවන්ට ආහාර ලබා දීමට කැපකරු ක්‍රමයක්ද හඳුන්වා දී ඇති බවත්ය.

ඒ අනුව මාසිකව රුපියල් පන්දහසක ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා හඳුන්වා දුන් මෙම කැපකරු ක්‍රමයට අනුව මෙතෙක් දරුවන් 279 දෙනෙකුට කැපකරුවන් නොලැබී ඇතැයි ද ඒ සඳහා පරිත්‍යාගශීලීන්ට දායකත්වය ලබාදිය හැකි බව ද රත්නපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මාස හය සඳහාම දරුවන් 130 දෙනෙකුටද මාස දෙකක් සඳහා දරුවන් 169 දෙනෙකුටද මාසයක් සඳහා දරුවන් 279 දෙනෙකුටද රුපියල් පන්දහසක ආහාර ලබා දීමට අනුග්‍රහය ලැබී තිබේ.

උඩවලව සහ ඇඹිලිපිටිය කොට්ඨාසවලින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි පිරිසක් වාර්තා වී තිබේ. කැපකරුවන් නොලැබුණු දරුවන් සඳහා මාසිකව රුපියල් පන්දහසක ආහාර ද්‍රව්‍ය ලබා දීමට කැමති පරිත්‍යාගශීලීන්ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඒ සඳහා විමසීම් කළ හැකි ය.

#mawbima