යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකු යුද හමුදා සෙබලාට හසු වී තමා පැමිණි යතුරුපැදියත් දමා පැණ ගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිස් ස්ථානාධිපතිගේ සහයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු යුද හමුදා සෙබළාගේ පහර කෑමට ලක්වා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
කාන්තාව හා පොලිස් ස්ථානාධිපතිවරයා අතර ඇති අනියම් සබඳතාවය නවත්වන ලෙස සෙබළ සැමියා දැඩි ලෙස අවවාද කර ඇත.
එසේ අවවාද කර තිබියදීත්, රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බව බිරිඳ පැවසීමෙන් අනතුරුව සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අවස්ථාවේ බිරිඳ සහ යෙහෙලිය යතුරු පැදියක පැමිණි දෙදෙනකු සමග කතා කරන අයුරු දැක එක්වරම මෙම පුද්ගලයා යතුරු පැදියේ සිටි දෙදෙනාට පහර දීමට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.


