27.2 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකුට ජපානයේදී ප්‍රශංසා

ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකුට ජපානයේදී ප්‍රශංසා

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන ‘විත් අයිඑම්’ සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කර ප්‍රශංසා සහිත ලිපියක් පළකර තිබේ.

එම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීම මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුවයි.

හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා 2021 වසරේ සාත්තු සේවා පුහුණු ලාභීන් ලෙස ජපානයට පිටත්ව ගොස් අතර, ඔවුන් ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ ‘ලයිෆ් ඩිසයින්’ ආයතනය පවත්වාගෙන යන සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කරති.

ඔවුන් සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක්වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇති බවත් එම සඟරාව පවසයි.

එම ආයතනය ඉදිරියටත් ශ්‍රී ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.