27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් ආනයනය කරයි

හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් ආනයනය කරයි

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය මේ වනවිට රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.