32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම මියගිය බිරිඳ කරේ තබාගෙන මාර්ගයේ ගමන් ගත් ස්වාමිපුරුෂයාට පොලිසිය පිහිට වෙයි

තම මියගිය බිරිඳ කරේ තබාගෙන මාර්ගයේ ගමන් ගත් ස්වාමිපුරුෂයාට පොලිසිය පිහිට වෙයි

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එඩේ සමුලු නමැති එම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙකි.අසනීප තත්ත්වයකින් පසුවුණු බිරිඳ කිලෝ මීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සඳහා යැවුණි.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්නවී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවය.පසුව බිරිඳ රෝහලේ දී මියගොස් ඇති මළ සිරුරු ගම්මානයට ගෙන යෑම ගැටලුවක් විය.

මුදල් නොමැති බැවින් කුලී රථයක් සොයා ගැනීමට ද එඩේ සමුලු හැකියාව ලැබී නැත.ගම්මානයට යෑමට කුලී රථ රියදුරන් ඉන්දීය රුපියල් 2,000 ක මුදලක් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි.

එතරම් මුදලක් නොමැති නිසා අවසානයේ බිරිඳගේ සිරුර කරේ තියන් පයින් ගම්මානයට යෑමට තරුණයා තීරණය කර ඇත.පසුව පොලිස් නිලධාරීන් පැමිණ වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇත.