25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෝප්පුව පාළමෙන් මා ඔයට පැන්න සිසුවා අතුරුදන්

තෝප්පුව පාළමෙන් මා ඔයට පැන්න සිසුවා අතුරුදන්

කොච්චිකඩේ – තෝප්පුව පාළමෙන් මා ඔයට පැන ඊයේ (12) දහවල් පාසල් සිසුවෙක් අතරුදන්ව තිබෙනවා.

මෙලෙස මා ඔයට පැන ඇත්තේ 17 හැවිරිදි මෙම පාසල් සිසුවෙක් බවයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ.

මෙම පාසල් සිසුවා මඩම්පැල්ල – අකරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම සිසුවා මීට පෙර තවත් සිසුවෙකුගේ ජංගම දුරකථනයකට හානිකර ඇති බවත් එම අලාභය වෙනුවෙන් වන මුදල් කොටස් වශයෙන් ගෙවීමට දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව එලෙස ගෙවීමට තිබූ මුදල්වලින් කොටසක් ලබාදීමට යන බව පවසමින් නිවසින් පිටත්ව ඇති මෙම සිසුවා මෙලෙස තෝප්පුව පාළමෙන් මා ඔයට පැන ඇති බවයි හෙළිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.