― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි බිල ගැන අවසන් තීන්දුව අද

විදුලි බිල ගැන අවසන් තීන්දුව අද

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ (13) විදුලි බිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වූ බව ජාතික සභාවට දැනුම්දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ, ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අද (14) ඒ බව ජාතික සභාවට දැනුම් දී ඇත.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා ඇත්තේ විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය හෙටට (15) පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාවට පවසා ඇති බැවින් හෙට දිනයේ අවසන් තීරණයක් අපේක්ෂා කරන බවය.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම පාර්ශ්ව දෙකට මුණගැසී සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව ඊයේ (13) දැනුම්දී තිබුණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇතත් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇත.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් පවසා ඇත්තේ අද දිනයේ කොමිෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවය.