― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබේරුවල කාන්තාවන් 9 දෙනෙකු පවත්වාගෙන ගිය බූරුපිටිය පොලිසිය වටලයි

බේරුවල කාන්තාවන් 9 දෙනෙකු පවත්වාගෙන ගිය බූරුපිටිය පොලිසිය වටලයි

බේරුවල ,අඹේපිටිය ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක සිට රාත්‍රී කාලයේ කාන්තාවන් 9 දෙනෙකු විසින් පවත්වාගෙන ගිය බූරු පිටියක් වටලා කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී සිදු කළ වැටලීමේදී සැකකාර ගැසූ කාන්තාවන් 9දෙනා, මුදල් රුපියල් පහළොස් දහසක්, බූරු කුට්ටමක්, පැදුරක් ඇතුළු නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කාලයක සිට රාත්‍රී කාලයේ රූපවාහිනී ටෙලිනාට්‍ය විකාශය වන වෙලාව ඇතුලත මෙම බූරුපිටිය ක්‍රියාත්මක වී ඇති අතර ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම බූරුපොළහි ජංගම දුරකතන ද සහිතව ඔත්තු බැලීම සඳහා දෛනිකව මුදල් ගෙවීමේ පදනම මත වයස අවුරුදු 70ක කාන්තාවක් හා අවුරුදු 65ක් වන පිරිමියෙකු යොදවා තිබු බවටයි අනාවරණ වී ඇත්තේ.

කාලයක සිට රාත්‍රී කාලයේ මෙම බූරුපොළ ක්‍රියාත්මක වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමේදී වයස අවුරුදු 30ත් 50ත් අතර කාන්තාවන් 9දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සියලු කාන්තාවන් විවාහක අය වන අතර දරුවන් සිටින මව්වරු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මුදල් පොලියට දෙන කාන්තාවන් කිහිප දෙනෙකු ද බූරුවා ගැසීමට පුරුදුව සිටින බවත් සූදු ඔට්ටුවෙන් පරදින කාන්තාවන්ට ඒ මොහොතේම මුදල් පොලියට දීමේ ජාවාරමක් ද මෙම සූදු පිටිය තුල සිදුව තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

ඇතැම් දිනවල මෙහි රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංසරණය වී ඇති බව ද සඳහන්.

අත්අඩංගුවට ගත් කාන්තාවන් 9දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට දින නියම කර තිබෙනවා.