― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ සුවදුක් විමසීමට E VISIT සංකල්පය හඳුන්වා දෙයි

බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ සුවදුක් විමසීමට E VISIT සංකල්පය හඳුන්වා දෙයි

පස් අවුරුදු සැළැස්මක් අනුව ප්‍රධාන යෝජනා නවයක් යටතේ මෙරට බන්ධනාගාර පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කරමින් ඇති බවත්, බන්ධනාගාර තුළ සිට සිදු කරමින් පැවති වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, ජංගම දුරකථන භාවිතය වැනි කටයුතු පාලනය කරමින් සමස්ත බන්ධනාගාර පද්ධතියම ප්‍රතිසංවිධානයට ලක් කර ඇති බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ සහාය ලබා ගනිමින් වෘත්තිමය කුසලතාවලින් පරිපූර්ණව බන්ධනාගාර රැඳවියන්ගේ තත්ත්වය උසස් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ තුළින් රැඳවියන්ගේ දක්ෂතාවයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ආදායම් මාර්ග උපයා ගැනීමේ හැකියාව පවතිනවා.

සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවාස අඩස්සියේ රඳවා තැබීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර, ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට ඔවුන් බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හැකි වන පරිදි E VISIT සංකල්පය හදුන්වා දී ඇති බවත්, බන්ධනාගාර වෙබ් අඩවියට යොමු වී ලියාපදිංචි වීම තුළින් රැඳවියන් බැලීමට වේලාවක් දින දෙකක් තුළ වෙන් කර ගැනීමේ පහසුකම පවතින බවත්, රැඳවියන්ගේ බන්ධනාගාරගත කාලය දීර්ඝ කිරීමේදී දින ලබාගැනීමට අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හා යහපත් කල් ක්‍රියාවෙන් යුතුව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධව කටයුතු කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අනුව ඔවුන් නිදහස් කිරීමට හා දඩුවම් කාලය අඩු කිරීමට කටයුතු කරන බවත්, කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිමය භාවය ඉහළ නැංවීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව සදහන් කළ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ පුනරුත්ථාපන ක්‍රියාවලිය හා සම්බන්ධව සිටින සෙසු ආයතන නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් ඒ සදහා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා යෝජනා කර ඇති බවයි.

වයස අවුරුදු 16 – 22 අතර වයස්වල සිටින මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයින් විදේශ රැකියා සඳහා පුහුණු කරවමින් ඒ සඳහා යොමු කිරීමට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සමඟ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී එවැනි තරුණයින් 50 දෙනෙකු පමණ ඒ සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, බන්ධනාගාර රැඳවියන්ගේ වෘත්තිමය භාවය උසස් කිරීම සදහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් මෙරට පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා.

බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් බන්ධනාගාර රැඳවියන් නඩත්තු කිරීම වෙනුවට රැඳවියන්ගේ ශ්‍රමය වැය කරමින් උපයන ලද මුදල් වියදම් කරමින් බන්ධනාගාර පද්ධතිය පවත්වා ගෙන යාමේ වැඩ පිළිවෙලකට යොමු වෙමින් පවතින අතර, වාර්ෂිකව බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 4.7 ක් හා බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 11 ක් වැය බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක මෙලෙස අදහස් පළ කර තිබෙනවා.