28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ සොරකම් කළ අයෙක් හෙරොයින් සමඟ මාට්ටු

ත්‍රිරෝද රථ සොරකම් කළ අයෙක් හෙරොයින් සමඟ මාට්ටු

ත්‍රිරෝද රථ සොරකම් ගණනාවනට අවශ්‍ය කර සැකකරුවෙක් නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තලංගම, ග්‍රෑන්ඩ්පාස්, කඩුවෙල, කිරිබත්ගොඩ සහ කොටුව යන ප්‍රදේශවලින් සොරාගත් ත්‍රිරෝද රථ 05ක් ද පොලිසිය විසින් සොයා ගත බවටි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.