― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසභාපති ධුරයෙන් ඉවත් කිරීම ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්

සභාපති ධුරයෙන් ඉවත් කිරීම ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ විපක්ෂය විසින් එම තනතුර සඳහා තම නම යෝජනා කර තිබූ අතර එම පත් කිරීම ද දින දෙකකට පෙර අනුමත වූ බවයි. රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස අද රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පත් කර ඇති බව හර්ෂ ද සිල්වා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන අතර තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහු පත් කර ඇති බවයි වාර්තා වන්නේ. තමාගේ පත්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි දෝෂාරෝපණයක් ද එල්ල කළා.

පසුගිය අඟහරුවාදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් නිවේදනය කළේ තමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කළ බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විවිධ හේතු දක්වමින් තමාගේ පත්වීම පිළිබඳ නිල ප්‍රකාශය නිකුත් කිරීම ප්‍රමාද කරන බවට එදිනම ඔහු චෝදනා කරනු ලැබුවා.

SJB මන්ත්‍රීවරයා COPE පත්කිරීම සම්බන්ධයෙන් විපක්ෂය අතර භේදයක් ඇති කිරීමට දරන උත්සාහයන් ද ඉස්මතු කර තිබුණි.