― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රියේ ගිය සුදු කතට කැත වැඩක් කළ තරුණයා අත්අඩංගුවට

දුම්රියේ ගිය සුදු කතට කැත වැඩක් කළ තරුණයා අත්අඩංගුවට

උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහු වැලිමඩ, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල කෝවිලට ආසන්න ස්ථානයකදී සැකකරු විසින් මෙම සෙරෙප්පු ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දුම්රිය මාර්ගයෙන් පිටත සිටින පුද්ගලයෙකු දුම්රියේ ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අවදානය යොමු වුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදීයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.