25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියේ ගිය සුදු කතට කැත වැඩක් කළ තරුණයා අත්අඩංගුවට

දුම්රියේ ගිය සුදු කතට කැත වැඩක් කළ තරුණයා අත්අඩංගුවට

උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහු වැලිමඩ, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල කෝවිලට ආසන්න ස්ථානයකදී සැකකරු විසින් මෙම සෙරෙප්පු ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දුම්රිය මාර්ගයෙන් පිටත සිටින පුද්ගලයෙකු දුම්රියේ ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අවදානය යොමු වුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදීයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.