― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසහල් මිල අඩු වන ලකුණු

සහල් මිල අඩු වන ලකුණු

වී ප්‍රසම්පාදනය, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සඳහා අය කරන ලද සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් කිරීමෙන් පසු සහල් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් රජය අපේක්ෂා කරයි.

වී ප්‍රසම්පාදනය, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සඳහා වන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ මෙම ක්‍රියාව නුදුරු අනාගතයේදී වෙළඳපොලේ සහල් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් ඇති කිරීමට හේතු වනු ඇති බවයි.