27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාවයේදී මිය ගිය පුද්ගලයාට අනුර කුමාරගෙන් අවසන් ගෞරව

විරෝධතාවයේදී මිය ගිය පුද්ගලයාට අනුර කුමාරගෙන් අවසන් ගෞරව

ජාතික ජන බලවේගය විසින් කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවයට පැමිණ සිටියදී මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද පැමිණ සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද නිවිතිගල නොරාගල්ල පොදු සුසාන භූමියේදීයි සිදු කෙරෙන්නේ. පසුගිය ඉරිදා පැවති විරෝධතාවයට එක්ව සිටියදී මෙලෙස මියගියේ නිවිතිගල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි නිමල් අමරසිරි නැමති අයෙක්.

ඔහු විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා. අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු සාමාජිකයන් රැසක් එක්ව සිටියා.