පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත් අදාළ පැමිණිලි මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගන්නා බව මානව හිමිකම් කොමිසම අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් මූලික කරුණු විමසීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට කැඳවීමක් කර ඇති බව වාර්තා වෙයි.