― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩයනාගේ නඩුව අතරේ නීතිඥවරුන්ගේ බහින්බස්වීමක්

ඩයනාගේ නඩුව අතරේ නීතිඥවරුන්ගේ බහින්බස්වීමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අතර ඇතිවූ උණුසුම් හුවමාරුවක් නිසා නඩුව පසුවට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මෙම තීරණයට ගෙන ඇත්තේ.