― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsත්‍රිරෝද රථ රියැදුරු පැහැරගත් ආසන සංවිධායක කොටුවෙයි

ත්‍රිරෝද රථ රියැදුරු පැහැරගත් ආසන සංවිධායක කොටුවෙයි

ත්‍රීරෝද රථ රියදුරකු පැහැරගෙන පැහැර ගෙන ගොස් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ප්‍රබල දේශපාලන පක්ෂයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධායකවරයකු බව කියන පුද්ගලයෙක් බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගනු ලැබීය

ත්‍රීරෝද රථ රියදුරා පැහැරගෙන යෑමට යොදා ගත්තේ යැයි කියන ජිප් රථයක් ද සැකකරු සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම ත්‍රිරෝද රථ රියදුරා පසුගිය මාසයේ 13 වෙනිදා ඔහුගේ නිවසේ සිටියදී පැහැර ගෙන ගොස් තිබුණේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තමන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසයක ආසන සංවිධායකවරයකු බව පොලීසියට පවසා ඇතැයි කියති.