― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඡන්දයට දින දෙන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඡන්දයට දින දෙන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාළන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ජා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (03) දිනයේ රැස්වීමට නියමිතයි.

එම කොමිෂන් සභාවේ සමාජිකයින් වන එම්. එම්. මොහොමඩ්, එස්. බී. දිවාරත්න සහ කේ. පී. පී. පතිරණ මෙම සාකච්ඡාවට එක්වන බවයි එහි සභාපති නිමල් පුංචිහේවා සදහන් කළේ.

එළඹෙන 09 වනදා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණද මුදල් ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම හේතුවෙන් එය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බවයි එම කොමිසම මීට පෙර පැවසුවේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද වීමසීම සදහා වෙනත් දිනයක් තීරණය කිරීම අද (03) දිනයේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකරනු ඇති. මෙම සාකච්ඡාවෙන් පසු අවශ්‍යතාවය පරිදි රජයේ මුද්‍රණාලය ඇතුළු අනෙකුත් ආයතන කැඳවා ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 38.3 වගන්තියට අනුව මැතිවරණය කල්දැමිමේ අයිතිය මැතිවරණ කොමිසමට පවතින අතර ඡන්දය කල් දමන දිනයේ සිට දින 21කට පසු දිනයක ඡන්ද විමසීම පැවත්වෙන දිනයක් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ යුතු වනවා.