22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිස් ජාවාරමට වැට බඳින්න අලුත් ක්‍රමයක්

මිනිස් ජාවාරමට වැට බඳින්න අලුත් ක්‍රමයක්

විදෙස් රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැළක්වීමේ උපක්‍රමයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

ඒ අනුව පුද්ගලයන්ගේ ශරීර අංග ලක්ෂණ නවීණ තාක්ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරන බවත් ඇස්, ඇඟිලි සලකුණු සහ වෙනත් ශරීර ලක්ෂණ ලබාගන්නා බවත් එම කාර්යංශය සඳහන් කළා.

මේ අතර මිනිස් ජාවාරම වැළක්වීම සදඟා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශ නීති දැඩි කරමින් කාර්යාංශ පනතට නව සංශෝධන යෝජනා කිරීමට ද කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඒ සඳහා පුද්ගලයින් වෙළදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ගැනීම ආරම්භ කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.